හමුදාව මියන්මාරයේ බලය අල්ලයි.

මියන්මාර නායිකා අවුන් සාන් සුකී ඇතුළු මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ හෙවත් පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය සියතට ගත් බව මියන්මාර හමුදාව ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය කියයි.

පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර මතභේදාත්මක තත්ත්වයන් උත්සන්න වී තිබුණි. හමුදාව චෝදනා කරනුයේ පැවති මැතිවරණය වංචනික එකක් වූ බවයි.එහි ප්‍රතිඵලයක් ලෙස මෙම හමුදා කුමන්ත්‍රණය සිදුව ඇතැයි සදහන් වේ.

මියන්මාරයේ බලය සේනාධිනායක මින් අවුන්ග් හේලින්ග්ට  පැවරීමට ක්‍රියා කරන බව ද හමුදාව පවසා ඇත.