ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ජනතාවගෙන් සමාව අයැදී.

පොදුජනතාවට දුෂ්කර දැඩි පියවර ගැනීමට සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතා ජනතාවගෙන් සමාව අයැද සිටියේය.
අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද නැවතත් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රකාශ කර  සිටියේ සමස්ත ඉන්දියාවම වසා දැමීමට පියවර ගනු ලැබුවේ ජනතාවගේ යහපත උදෙසා බවය.

එම සීමාවන් උල්ලංගණය කිරීම තම ජීවිත අවදානමට ලක් කර ගැනීමක් බවට ඔහු අනතුරු අඟවා සිටියේය.

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 25ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, නව ආසාදිතයන් 61 දෙනෙකු ගත වූ පැය 24 තුළ සොයාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

වෛරසයේ ව්‍යාප්තිය මැඬලීමට ඉන්දියාව මේ වන විට දින 21ක නිරෝධායන කාලයක් ක්‍රියාත්මක කරනු ලබයි.