ඉන්දියාව තුළ ව්‍යාප්තවන කොවිඞ් ව්‍යසනය මැද IPL තරගාවලිය අත්හිටුවීමට පියවර

ඉන්දීය ජනජීවිතයට විශාල බලපෑමක් ඇති කරමින් ව්‍යාප්තවන ‘කොවිඩ් 19’ වසංගතය මධ්‍යයේ අයි.පී.එල්. (IPL) තරගාවලිය පැවැත්වෙමින් තිබූ අතර තරගාවලියට සහභාගි වෙමින් සිටි ක්‍රීඩකයන් කීපදෙනකු පසුගිය දින කීපයක් තුළ කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගැනීමත් සමඟ තරගාවලිය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සංවිධායකයෝ අද (මැයි 04) පියවර ගෙන ඇත.

පසුගිය වසරේද මෙම වසංගත තත්ත්වය සලකා බැලු සංවිධායකයන්, මෙම තරගාවලිය ඉන්දියාවෙන් බැහැර එකසත් අරාබි එමීරයේදී ප්‍රේක්ෂකයන් රහිතව පැවැත්වීමට කටයුතු කරන ලදී. 2021 වසරේ මුල් භාගයේ ඉන්දීය ජනතාව අතර කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත හඳුන්වාදීමත් සමගම ජනරාශීන් එක්‍ රැස් කිරීමේ බාධාවන් වැලකීගිය අතර මේ හේතුව නිසාම ඉතා දරුණු ව්‍යසනයක් ඇතිකරමින් කොවිඩ් තෙවන රැල්ල මේ වනවිට ඉන්දියාව තුළ දැවැන්ත ලෙස ව්‍යාප්තවෙමින් පවතී.

කොවිඩ් රෝග ව්‍යාප්තියේ පාලනය ඉන්දීය රජය අතින් ගිලිහී ඇති මොහොත, දැඩි ජනතා අප්‍රසාදයක් ඉන්දීය පාලක පක්ෂය වෙත එල්ලවිය හැකි බවට, මේ දිනවල ලැබෙන ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරන දේශපාලන නිරීක්ෂකයෝ මත පල කර ඇත.

Close Menu