ඉන්දීය ශ්‍රි ලංකා ක්‍රිකට් සංචාරය කල් යයි

ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ජුනි මාසයේ දී නියමිතව තිබිණි මෙම තරඟාවලියට එක්දින තරග 03 ක් සහ පන්දුවාර 20 තරග 03 ක් ඇතුළත්ව තිබිණ

පවතින තත්ත්වය අනුව මේ මාසයේදී එය නොපැවෙත්වෙන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කරයි.

කොරෝනා වසංගතයත් සමග මෙම තරග සංචාරය සැලසුම් කළ පරිදි සිදුකළ නොහැකි බව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය දැනුම් දී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

තරගාවලිය අගෝස්තු මාසයේදී පැවැත්වීමට දෙරටේ කි‍්‍රකට් පාලක මණ්ඩලවල අවධානය යොමුව ඇති බවයි වැඩිදුරටත් සදහන් වෙයි