රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වේ

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි තමා වෙතින් සිදුවූ සිද්ධීන්වලට අදාළ වගකීම් භාරගනිමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය තම ට්විටර් ජාලය පණිවිඩයක් තබමින් සඳහන් කරන්නේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් රජයේ යුතුකමක් බව ප්‍රකාශ කරන අතර රජයේ අමාත්‍යවරයෙකු බන්ධනාගාරය තුලදී සිරකරුවන් අපහසුතාවයට පත්කිරීමේ සිදුවීම හෙලා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය කියා සිටිනවා. මෙම තොරතුරු දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම් මහතා ද තහවුරු කර තිබුණා.

ලොහාන් රත්වත්තේ මහතා සිය ඉල්ලා අස්වීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති අතර ජනාධිපතිවරයා එය පිළිගෙන තිබෙන බව වාර්තා වෙනවා.