මනාප අංක අද සිට

මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී ඇති අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද(09) දින නිකුත් කිරීමට නියමිතව තිබේ.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා අපේක්ෂකයින් වෙත අද පෙරවරුවේ සිට මනාප අංක නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍ය නිර්දේශ තමන් වෙත භාර දී දින 60ත් 70ත් අතර කාලයක් තුළ දිනයක් මැතිවරණ දිනය ලෙස නම් කරන බවත් එළඹෙන 20 වැනිදා මැතිවරණය නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.