එජාපයේ 74 වැනි සැමරුම

එක්සත් ජාතික පක්ෂයේ 74 වන සංවත්සර සැමරුම් උත්සවය ඊයේ (06) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැමරුම් උත්සවය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක් සහභාගී වී ඇත
එක්සත් ජාතික පක්ෂ සංවත්සරික උත්සවය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සමරා ඇති අතර මෙවර මාධ්‍යට එම සැමරුම් උත්සවය විවෘත නොවීය.