ආණ්ඩුව පත්වී දවසකින් තෙල් මිල අඩු කරනවා.සජිත් කියයි.

තම ආණ්ඩුවක් යටතේ ජනතාවගේ මාර්තු සහ අප්‍රේල් මාසවලට අදාළ ජල සහ විදුලි බිල්පත් අහෝසි කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කුණ්ඩසාලේ මැණික්හින්න ප්‍රදේශයේ අද (9) පැවති ජනහමුවක දී කියා සිටියේය.

එසේම තම ආණ්ඩුවක් පිහිටුවා පැය 24ක් තුළ තෙල් මිල අඩු කරන බවත් ඒ මහතා පැවසීය.

ඉදිරියේ දී සැළසුම් කර ඇති ව්‍යාපෘති සඳහා වැය කිරීමට සූදානම් වන සියලු නාස්තිකාර වියදම් නවතා දමා පහළ පන්තියේ සිට මධ්‍යම පන්තිය දක්වා සියලු ජනතාවට එක් පවුලක් සඳහා 20 000ක දීමනාවක් ලබාදෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේය