ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිස් සයිනොෆාම් එන්නත ලබාගැනීමෙන් වළකින්න – සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිස් සයිනොෆාම් එන්නත ලබාගැනීමෙන් වළකින ලෙස මැයි මස 19 වනදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආර්නෝල්ඩ් මහතා මේ බව පැවසුවා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇත්නම් සයිනොෆාම් එන්නත ලබාගැනීමේන් වලකින ලෙසත්, කොවිඩ් රෝගය වැලඳුනත් ඔබ එන්නත ලබා ගැනීම වැදගත් වන බවත් පැවසුවා. එන්නත් ලබාදීම මගින් පමණක් මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්විය නොහැකි බවත් ඒ සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම වැදගත් බවත් කොවිඩ් 19 තවමත් අපට පාලනය කළ හැකියි මට්ටමක ඇති බවත් ඒ මහතා සඳහන් කරනවා.

එබැවින් කොවිඩ් 19 මර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සමග ජනතාවගේ සහායද අත්‍යාවශ්‍ය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආර්නෝල්ඩ් මහතා මේ බව පවසනවා.