ජනාධිපති විසින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් 7 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කරනු ලබයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් 7 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කරනු ලැබ තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඉ) ජේදය ප්‍රකාරව නීතිඥ වෘත්තියේ විශිෂ්ටත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ට පැවැත්මෙන් යුතු නීතිඥවරුන්, ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට බලතල පැවරී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන මිලින්ද ගුණතිලක, හරිප්‍රියා ජයසුන්දර, විකුම් ආබෲ, ශානක විජේසිංහ, රවින්ද්‍ර පතිරණගේ, නෙරීන් පුල්ලේ සහ චේතිය ගුණසේකර යන මහත්ම මහත්මීන් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කරනු ලැබ තිබෙනවා.