සියළු ගර්භණි මවුවරුන්ට කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමට අනුමැතිය

ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ඉල්ලීම මත, සියළු ගර්භණි මවුවරුන්ට එනනත්කරණයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙනවා. පසුගිය අප්‍රේල් මස 28 වැනිදා සිට මාධ්‍ය මගින් බලධාරීන් දැනුවත් කරමින් ආරම්භ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම අනුමැතිය ලබා ගැනීමට හැකිවී තිබෙනවා. ගැබිනි මවුවරුන්ට කොවිඩ්-19 වෛරසයට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමෙන් එම මවුවරුන් ආරක්ෂා වීම සහ නව ජන්ම දරුවන්ටද ආරක්ෂාවක් ලැබෙන බව තහවුරු වී තිබෙනවා. මේ පිළිබඳව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ද සනාථ කර තිබෙනවා.

ගැබිනි මවුවරුන්ට ලබාදෙන කොවිඩ්-19 වෛරසයට ප්‍රතිශක්තීකරණ එනනත්කරණය මාසයක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙ මගින් මරණ හා ආබාධ වළක්වා ගත හැකි අතර, එ මගින් සෞඛ්‍ය දර්ශක අතර ඉහළට ගමන් කිරීමට හැකියාව ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිගමනයයි. එන්නත්කරණය නිසි පරිදි සිදු කිරීමෙන් ගැබිනි මවූවරුන්ට කොවිඩ් වැළදීම වැලැක්වීම සදහා එන්නත්කරණය කළ ලොව ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත් වෙනවා.

දිවයින පුරා රෝහල්වල ගැබිනි මවූවරු හා කොවිඩ්-19 වැළදුණු ගැබිනි මවූවරු ප්‍රතිකාර ලබන අතර කොවිඩ්-19 වැළඳීම හේතුවෙන් ගැබිනි මවූවරුන් අට දෙනකු මේ වන විට ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යෂක විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා, මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යකෂ ජනරාල් සුසී පෙරේරා යන මහත්මීන්ගේ මගපෙන්වීම මත බෝවන රෝග පිළිබද උපදේශක කමිටුව විසින් ගැබිනි මවූවරුන්ට එනනත්කරණය කිරීමේ කටයුත්ත ප්‍රමුබ කාර්යක් ලෙස හදුනවා දී තිබෙනවා. ඊට ප්‍රථම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය සහ, සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජිව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ඇ තුළු සෞඛ්‍ය බලධාරීන් සමගද ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය එන්නත් ලබා දීම සම්බන්ධයෙන් සකච්ඡා කර තිබෙනවා.

කොවිඩ් මර්දනය පිළිබද ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ලැබුණු සහයෝගය ඉතා වැදගත් වන අතර ඒ අනුව අවදානම් සහිත මවූවරුන්ට නිර්ණායක කිහිපයක් යටතේ එන්නත් ලබා දීම සිදු වෙයි. වයස, රෝගී තත්වය ,රෝගයට නිරාවරණය වීමේ හැකියාව මෙහිදී විශේෂයෙන්ම සලකා බැලෙනවා.

ඒ අනුව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාගේ පුර්ණ සහයෝගය මත එන්නත්කරණය ජුනි මස 09 වන බදාදා පෙව 11,00 ට පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එහි සමාරම්භක වැඩසටහන එදින පෙරවරු 11.00 ට බොරැල්ල කාසල් විදියේ කාන්තා රෝහලේ දී සිදු කිරීමට නියමිත වෙනවා.

අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සෞඛ්‍ය ඇමති නීතිඥ පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ළමා සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යෂක විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය ඇතුළු පිරිසක් ද එම වැදගත් අවස්ථාවට සහභාගී වීමට නියමිත වෙනවා.