ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය ඇමතීමට නියමිතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය ඇමතිමට නියමිත බව, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසනවා.

එම දිනය සහ වේලාව පසුව දැනුම් දෙන බව ද ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා අවධානය යොමු කරනු ඇතැයි ද ඔහු පවසනවා.

මේ අතර, රට ලොක්ඩවුන් කිරීමට සූදානමක් ඇති බවට පෙර දිනයේ ඇතැම් වාර්තා පළ වූ අතර ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පැවසුවේ, එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් මෙන්ම ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ ද රට වසා දමන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබූ බව වාර්තා වුණා.