කළුබෝවිල ශික්ෂණ රෝහලේ නව ගොඩනැගිල්ල රෝහල් බලධාරීන් වෙත

පසුගිය දිනවල කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් වැඩිවීම නිසා නේවාසික පහසුකම් ලබාදීමේ අර්බුදයකට මුහුණ දී තිබූ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ධාරිතාව වැඩිකිරීම සඳහා ඉදිකළ නව වාට්ටු සංකීර්ණය අද රෝහල් බලධාරීන් වෙත භාරදීම සිදුකෙරුණා.

ඒ සඳහා කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගී වුනා.

මහල් 8කින් යුත් නව ගොඩනැගිල්ලේ 4 , 5 සහ 6 යන මහල් තුනෙහි ඇති වාට්ටු යුද හමුදාවේ දායකත්වයෙන් ඉදිකර ඇති අතර රෝගීන් 250 දෙනෙකුට එහි ප්‍රතිකාර ලබාදිය හැකි බව පැවසෙනවා.