මැයි 24 සහ 25 රජයේ විශේෂ නිවාඩුව, බැංකු සහ වෙළෙඳ නිවාඩුක් නොවේ

මැයි මස 24 25 දෙදින රජයේ විශේෂ නිවාඩු දින ලෙස රාජ්‍ය සේවා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මැයි මස 18 දා උදෑසන ප්‍රකාශයට පත් කළා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ දිනයන් රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වෙනවා.

මැයි මස 17 දා පස්වරුවේ රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර එහිදී ඊට එකඟතාව පළව තිබෙනවා.

කෙසේවෙතත් මෙම නිවාඩුව බැංකු සහ වෙළෙඳ නිවාඩු ලෙස නොසැලකෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළා.

කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ලබන 21 වැනිදා සිකුරාදා රාත්‍රී 11.00 සිට 25 වැනිදා අඟහරුවාදා අලුයම 4 දක්වාත් ඊට පසු 25 වැනිදා රාත්‍රී 11.00 සිට 28 වැනිදා සිකුරාදා අලුයම 4 දක්වාත් රටපුරා සංචරණ සීමා පැනවෙන බව කොවිඩ් 19 පාලනය කිරිමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පසුගියදා ප්‍රකාශ කළා.