ශ්‍රී ලංකාවේ ව්‍යාප්තව ඇති කොවිඩ්-19 වෛරසය නව විකෘති අවස්ථා තුනක් හඳුනාගැනේ

ශ්‍රී ලංකාවේ ව්‍යාප්තව ඇති ඩෙල්ටා හැර කොවිඩ්-19 වෛරසය ප්‍රභේදයේ නව විකෘති අවස්ථා තුනක් වෛද්‍ය පරීක්ෂකයන් විසින් හඳුනා ගනු ලැබ ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා.

Sඇ 222-V, Sඇ 701-S සහ Sඇ 10718-S යනුවෙන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ S ප්‍රෝටීනයේ ජාන කේතයේ විකෘති භාවයක් ලෙස හඳුන්වා ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

කොවිඩ් රෝගය මෙරට වේගයෙන් පැතිරීමට එය ප්‍රබල හේතුවක් වන්නට ඇතැයි සැක කෙරෙන බවද ඔහු සඳහන් කරනවා. පැවති ප්‍රභේදයන්ට වඩා ඩෙල්ටා ප්‍රභේදය සියයට 60 – 70ත් අතර වේගයකින් පැතිර යන බව ද ඒ මහතා තවදුරටත් සඳහන් කරනවා.