ව්‍යාපාරික ප්‍රජාව ස්වයං-හුදෙකලාවීම ශීඝ්‍රයෙන් ඉහළට

රට තුළ කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් මේ වනවිට නගර 35 කට ආසන්න සංඛ්‍යාවක් ස්වයං-හුදෙකලා වීමේ ක්‍රියාමාර්ගවලට යොමුවෙමින් සිය ව්‍යාපාරික කටයුතු අත්හිටුවා කඩසාප්පු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ස්වයං-හුදෙකලා වීමේ ක්‍රියාමාර්ගවලට අලුතින් එක්වූ නගර ලෙස අනුරාධපුරය, ත්‍රිකුණාමලය නගර සභා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොනරාගල, දඹුල්ල, දිවුලපිටිය, දැරණියගල, ඌරගස්මන්හන්දිය, කහවත්ත, වාද්දුව, බාඳුරාගොඩ, අලව්ව, පාදුක්ක, පදියපැලැල්ල, පල්ලේපොල, යාපනය කොදිගාමම් සහ මිද්දෙණිය වෙළඳ සංකීර්ණය ප්‍රදේශයන්හි ව්‍යාපාර කටයුතු අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා.

මීට පෙර ස්වයං හුදෙකලා වීමේ ක්‍රියාමාර්ග අරඹන ලෙස සෞඛ්‍ය විශේෂඥයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලා සිටීම නිසා දින කිහිපයක සිටම ගම්පහ, අම්බලන්තොට, අම්බලන්ගොඩ, මරදගහමුල, වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, පලාපත්වල, උල්පත, තංගල්ල, බදුල්ල, බලංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය සහ මාතලේ යන ප්‍රදේශවල ව්‍යාපාර කටයුතු අත්හිටුවා තිබුණ බව වාර්තා වුණා.

සමහර ප්‍රදේශවල වෙළඳසැල් සතියකටත්, සමහර ප්‍රදේශවලට සති දෙකකටත්, අනෙක් ඒවාට නැවත දැනුම් දෙන තුරුත්, ඇතැම් නගරවල දින කිහිපයක් දක්වාත් මෙලෙස වසා දමා ඇති බව සඳහන් වෙනවා.