අගෝ 18: දිනයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 3,660ක් සහ පෙර දින සිදුවූ මරණ ගණන 170ක්

අගෝස්තු 18 දිනයේ සමස්ත ආසාදිතයින් 3,660 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 369,343ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන් ම, අද දිනය තුළ ආසාදිතව සිටි 2,188ක් සුවය ලැබීමත් සමග, සුවය ලැබූ සමස්තය ආසාදිතයින් 316,528ක් වාර්තා වුණා.

මේ අතර, අගෝස්තු 17 දිනයේ සිදුවූ කොවිඩ්-19 ආසාදිත මරණ 170ක්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.මෙම මරණ 170ත් සමග, මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,604ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

වාර්තාවලට අනුව, ඒ අතර, කාන්තාවන් 86 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 84 දෙනෙකු ද සිටිනවා. මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 130 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.