විදෙස් රටවල සිට එන සියලුම දෙනාට දින 14ක නිරෝධායනය අනිවාර්යයි

මෙරට ශීඝ්‍ර ලෙස ව්‍යාප්තවන කොවිඩ්-19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මැයි මස 11 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි, විදෙස් රටවල සිට එන සියලුම දෙනාට අදාළ නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළා.

ඒ අනුව, විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන්, සංචාරකයින්, විදෙස් ජාතිකයන් හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දින 14ක නිරෝධායනයට යටත්වීම අනිවාර්ය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මීට පෙර මෙම සීමාවන්, එක් දිනයක් සහ දින හතක් අතර පැවතුණා. මෙරට දැන් ව්‍යාප්‍ය්තවන කොවිඩ්-19 වෛරස් ප්‍රභේදය, විදේශයන්හි සිට මෙරටට පැමිණි අයගෙන් ව්‍යාප්ත වූ බවට ද මත පළ වී තිබුණා.