415 වැනි කොරෝනා රෝගියා සොයිසා කාන්තා රෝහලෙන්.

මෙරට 415 වැනි කොවිඩ් 19 ආසාදිතයා කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන් වාර්තා විය.

ඇය ගර්භණී කාන්තාවක් වන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ අද පස්වරුවේ ඇගේ බිළිඳා මිය ගොස් ඇති බවය.මෙම කාන්තාව මරදාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.