ශ්‍රි ලංකාවේ දෙවන කොරෝනා රෝගියා හමුවෙයි

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රි ලාංකිකයකු හදුනාගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ වෛරසය ආසාදනය වූ බවට ඊයේ(11) දිනයේ හදුනාගත් පුද්ගලයා සමඟ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

44 හැවිරිදි එම පුද්ගලයා මේ වන විට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

මොහු මෙරටින් හඳුනාගත් තුන්වන කොරෝනා වෛරස ආසාදිතයා වන අතර මෙරටදී වෛරසය ආසාදනය වූ දෙවන ශ්‍රී ලාංකිකයා වේ.