20 අනතුරුදායකයි.චන්ද්‍රිකා කියයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉතා අනතුරුදායක බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, නිර්මාතෘ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 61 වැනි ගුණ සමරු උත්සවයට pඑක්වෙමිනි. ගම්පහ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල දී මේ උත්සවය පැවැත්විණි.

එම අවස්ථාවේ දී මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සිය පවුලේ බූදලයක් ලෙස නොසලකන බවය.

පොදු ජනතාවගේ නායකයකුට පක්ෂය දුන් නමුත් ඔහු නිසි ලෙස කටයුතු නොකළ බවත් එම නායකයා පක්ෂය කෑලි කෑලිවලට ඉරා දැමූ බවත් හිටපු ජනාධිපතිනිය පැවසුවාය.