හෙට සිට පාසල් නිවාඩු.

කොරෝනා වෛරසය පැතිර යාම පාලනය සඳහා අප්‍රේල් මස ලබා දෙන පාසල් නිවාඩු හෙට(13) සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම අමාත්‍යාංශයේ ස්වල්ප මොහොතකට පෙර නිමවූ  ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.

ඒ අනුව හෙට දිනයේ සිට අප්‍රේල් මස 20 වනදා දක්වා පාසල් නිවාඩුව ක්‍රියාත්මක වෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, අප්‍රේල් මස 6 වන දින නිවාඩුව ආරම්භ වීමට තිබු බවයි.

ක්‍රීඩා උත්සව හා පාසල් ක්‍රීඩා තරග පැවැත් වීම සම්බන්ධයෙන් අදාල පාසල්වල විදුහල්පතිවරු විසින් තීරණ ගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම පෞද්ගලික පාසල් සහ උපකාරක පංති වෙතින් මෙම නිවාඩුව ලබාදෙනලෙස ඉල්ලීමක් කළ බවද එතුමා කියාසිටියේය.