හිරුණිකාට වරෙන්තු

2015 වසරේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (10) දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී  විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෝ ඇයගේ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් අධිකරණය හමුවේ අද නීතිඥවරයෙක් ද පෙනී නොසිටි බව ද වාර්තා වේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත වරෙන්තු නිකුත් කළේය.

අනතුරුව නඩුව ජුනි මස 17 වනදා කැඳවීමට නියම කළේය.

එදින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඇපකරුවන්ට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන මෙන්ද විනිසුරුවරයා නියෝග කර තිබේ.