හාල් නිශ්පාදනය අත්‍යාවශ්‍ය සේවාවක් කරයි.

පවතින හදිසි තත්ත්වය හමුවේ හිඟයක් ඇති නොවීම සඳහා සහල් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ප්‍රධාන පෙළේ සියලු වී මෝල් නොකඩවා විවෘතව තැබීමට රජය තීරණයකොට තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවේ දී මෙම තීරණය ගෙන ඇත. මේ වන විට ජනතාවට අවශ්‍ය තරම් වී තොග තිබෙන බැවින් කිසිඳු අවස්ථාවක රට තුළ සහල් හිඟයක් පැන නොනඟින බවත් ඇති වී තිබෙන හදිසි තත්ත්වය හමුවේ වෙළෙඳපොළ තුළ හිඟයකින් තොරව සහල් නිෂ්පාදනය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අනුව වී මෝල් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ධීවර ක්ෂේත්‍රයේ ඇති ගැටලු ගැන මෙහිදී අවධානය යොමු වූ අතර ධීවර සංස්ථාව සමඟ සාකච්ඡා කර වහාම එම ගැටලු විසඳීමට පියවර ගන්නා ලෙස අගමැතිවරයා විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දෙනු ලැබිණ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම, ඖෂධ බෙදා හැරීම පිළිබඳව මෙන්ම ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් ගම් බිම් බලා යාමට නොහැකිව සිටින ජනතාව සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

මෙම සාකච්ඡාව සඳහා අත්‍යවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් එක්ව තිබුණි.
[13:42, 10/04/2020] Chathura Geethanath: කොරෝනා රෝග තත්ත්වය නිවැරදිව නිශ්චය කර ගැනීම සඳහා භාවිත කළ හැකි දැනට රජයේ විශ්වවිද්‍යල සතුව පවතින පී.සී.ආර්. යන්ත්‍ර 51ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීමට කටයුතු යොදා ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ අදාළ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සහ මහාචාර්යවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව ඇමැතිවරයා සඳහන් කළේය. ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (9) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.