සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉක්මනින් ගැසට් කරනවා – පවිත්‍රා කියයි.

සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය නොකරන්නේ නම් මැතිවරණය පැවැත්වීම අපහසු බව ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේ‍ය.

දැනට පනවා ඇති මුහුණු ආවරණ පැළඳීම, මීටරයක දුර පවත්වා ගැනීම හා නිරන්තරයෙන් අත්සේදීම වැනි කරුණු ගැන ජනතාව සැලකිලිමත් නොවන්නේ නම්, වසංගතය රට ව්‍යාප්ත වීමට ඉඩ ඇති බැවින් මැතිවරණ කටයුතු සඳහා ද එය බලපතළ ලෙස බාධාවක් විය හැකි බව ද ඔහු එහිදී කියා සිටියේය.

එම කරුණු අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ සහිත ගැසට් පත්‍රය නොමැති වීම තම කටයුතු සඳහා විශාල බාධාවක් බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර දිරි දින දෙක තුළ දී මහ මැතිවරණයේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියාය.