සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ආයාචනාත්මක ඉල්ලීමක්

එළඹෙන දින තුනක දීර්ඝ සති අන්තයේ දී සූදානම් කර ඇති උත්සව පැවැත්වීම සහ විනෝද චාරිකා යෑමට සුදානම් වී ඇති නම්, පවතින කොවිඩ් අවදානම හේතුවෙන් ඒවා නවතා දමන ලෙස සෞඛ්‍ය ආමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
තරුණ ප්‍රජාවටද වර්තමානයේ කොවිඩ් අවදානම බලපා ඇති බව පවසන අමාත්‍යවරිය ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ආයාචනාත්මක ඉල්ලීමක් කරයි

අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව පැවසුවාය.