සෞඛ්‍ය අංශවලට සහය නොදෙන්නේනම් අටලුගම බොහෝ කලක් හුදෙකලා කරන්න වේවි.යුද හමුදාපතිවරයා කියයි.

අත්තනෝමතිකව කටයුතු කරමින් සෞඛ්‍ය අංශවලට සහයෝගය ලබා නොදෙමින් සමස්ත කළුතර ජනතාව අනතුරේ හෙළීමට කටයුතු කරනවානම් අටලුගම ජනතාවට තවත් දීර්ඝ කාලයක් හුදෙකළා වී සිටීමට සිදුවනු ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (04දා) ප්‍රකාශ කළේය.

සුළු පිරිසකගේ  ක්‍රියාකළාපය හේතුවෙන් සමස්ත කළුතර ජනතාවම අනතුරේ හෙළීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් සෞඛ්‍ය අංශ වෙත පූර්ණ සහයෝගය ලබාදී සමස්ත කළුතර ජනතාවම ආරක්ෂා කරගැනීම⁣ට පියවර ගන්නා මෙන් තමා අටලුගම ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් යුද හමුදාපතිවරයා කියාසිටියේය.