සෙනග ගැවසෙන රැස්වීම් සති දෙකකට තහනම්.

විශාල වශයෙන් ජනතාව එකරාශ්‍රීවන සමුහ රැස්වීම් පැවැත්වීම අද (14) සිට සති දෙකක් යන තුරු තහනම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානම අවම කිරීම සඳහා රජය මෙම තීරණයට එළඹුන බව අමාත්‍යවරිය පැහැදිලි කළාය.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

විශේෂයෙන් විශාල වශයෙන් ජනතාව රැස්වන උත්සව රැස්වීම් වැනි අවස්ථා සඳහා පොලිස් අවසරය ලබා නොදෙන බවද අමාත්‍යවරිය වැඩිදුරටත්  පැවසුවාය.