සිරිකොත උණුසුම් වේ.

එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති නායකයින් හා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවැත්වුණි.
එම සාකච්ඡාවේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි විරෝධයක් එල්ල වූ බව වාර්තාවේ. වෘත්තීය සමිති නායකයින් සිය ගැටලු ඉදිරිපත් කිරීමට සූදානම් වන විට රනිල් වික්‍රමසිංහ මහතා එම ස්ථානයෙන් පිටව යෑමට සූදානම් වීමත් සමඟ මෙම උණුසුම්කාරී තත්වය හටගෙන තිබේ.

ඊට පක්ෂ උපනායක රවී කරුණානායක, මහලේකම් අකිල විරාජ් කාරියවසම්, පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

අනතුරුව වෘත්තීය සමිති නායකයින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සිය ගැටලු ඉදිරිපත් කිරීමට යෑමේදී ඔහු එම ස්ථානයෙන් පිටව යෑමට උත්සහ දැරීමත් සමග දැඩි විරෝධයක් එල්ල වී තිබේ.