සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් හෙට ශ්‍රී ලංකාවට

ගතවූ දිනයේදී පුද්ගලයින් 9,102 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත ලබා දී ඇත.ඒ අනුව  මේ දක්වා එන්නත් කළ පිරිස 903,467ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය  සඳහන් කරයි.

ඒ අතර චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් හෙට (31) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අද(30) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.