සාමාන්‍ය ජනතාවට මාර්තුවේ සිට එන්නත්.

මාර්තු මාසයේ පළමු සතියේ සිට සාමාන්‍ය ජනතාව සඳහා කොවිඩ් එන්නත් ලබාදීමට බලාපොරොත්තුවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
 
අද (05) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය පැවසුවේ එන්නත් කිරීම තුළින් කිසිදු ප්‍රධාන අතුරු අබාධයක් මෙතෙත් වාර්තා වී නොමැති බවය.

එමෙන්ම උණ සහ ඇඟේ අමාරුව වැනි රෝග ලක්ෂ සමාන්‍ය ලක්ෂණ බවත් එහිදි ඇය පැහැදිලි කළාය.