සහාය දෙන කෙනා අපිට වාසිදෙන කෙනෙක් දෙන්න ඕනෑ-සම්බන්ධන් කියයි.

තමන් සහාය පළ කරන අපේක්ෂකයා තමන්ට වාසිදායක අයෙකු විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පවසයි.

මාන්කුලම් ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

මෙම ඡන්දයෙන් කෙනෙකු දිනන්න නම් 50% කට වඩා ප්‍රතිශතයක් ලබාගත යුතු බවත්

ඒ තෝරාගන්නා පුද්ගලයා තමන්ට වාසිදායක කෙනෙක් වියයුතු බවත් ඒ මහතා එහිදී කියාසිටියේය.

එල්.ටී.ටී.ඊ සංවිධානය ඉල්ලා සිටියේ ඔවුන්ගේ අයිතිය බව කී ඒ මහතා දෙමළ ජනතාව ඉල්ලන්නෙත් තමන්ට අයිති ඇති අයිතිය බව කියා සිටියේය.

Close Menu