සහල් මාෆියාවට යට නොවන්න.ගොවීන්ට අනතුරු ඇඟවීමක්.

සහල් මාෆියාවට යටවෙමින් වී ගොවියා කටයුතු කළහොත් සහතික මිලෙන් ඉවත්වීමට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එසේ වුවහොත් වී කිලෝවක මිල රුපියල් 25ක් දක්වා අඩුවනු ඇති බවයි.ආණ්ඩුව සැමවිටම පියවර ගනු ලබන්නේ  පාරිභෝගිකයා සහ ගොවියා යන දෙපාර්ශ්වයම ආරක්ෂා කරගැනීමට බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේය.

රජයේ සහතික මිලට වඩා වැඩි මුදලකට පෞද්ගලික අංශය වී මිලදී ගැනීම සිදු කිරීමට සැලසුම් කරන බවත්  රජයට වී කිලෝ දහසක් ලබා නොදෙන ගොවීන්ට පොහොර සහනාධාරය අහිමිවන බවත්  පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවීන්ට අනතුරු අඟවමින් සඳහන් කර තිබුණි.