සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 915 ක්

ඊයේ(13) මධ්‍යම රාත්‍රිය වන විට තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 915 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 26 දෙනෙක් වාර්තා වී ඇත.

රෝහල්ගතව‍ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 524 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ, 382 දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.

මේ වන විට කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ති‍බේ.