සමඟි බලය 20ට විරුද්දවේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධවීමට හා එය පරාජය කිරීමට කොන්දේසි විරහිතව කටයුතු කිරීමට සමගි ජනබලවේගය තීන්දු කරතිබේ.

සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 2 දී අද රැස්වූ අවස්ථාවේදි මෙම තීරනය ගෙන ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් ඒ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළ අතර කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ විසින් එය ස්ථීර කරනු ලැබඇත.