සන්ධානයේ නායකයා සජිත්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ගොඩනගන නව සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල තිරීණය කර තිබේ.

අද(30) පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය.
මේ අතර එ.ජා.ප යේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කටයුතු කරනු ඇත.