ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ලක්ෂය පන්නයි.

අද දින කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති 826 දෙනෙකු  හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.එම සංඛ්‍යාව සමඟ ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 100,517ක් බවට පත්ව ඇත.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව පසුකර ඇත‍.