ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 310 දක්වා ඉහළට.

රත්නපුර ප්‍රදේශයෙන් කොරෝනා රෝගියකු වාර්තාවීම සමඟ ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 310 දක්වා ඉහළ ගොස් තිබේ.

සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 102 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පුද්ගලයන් 200 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර මේ දක්වා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, පුත්තලම, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලිනි.