ශ්‍රි ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයාගේ දිවුරුම්දීමට අනුරාධපුරය සූදානම්.

ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රීක සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද(18) පෙරවරුවේ අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දෙයි..

ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමට ප්‍රථමයෙන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි වෛතත්‍ය රාජයාණන් වහන්සේ වැදපුදා අශීර්වාද ලබා ගැනීමටද නියමිතව ඇත.
මෙම කටයුතු වෙනුවෙන් මේ වනවිට අනුරාධපුරය සූදානම් අතර එම අභිමානවත් මොහොත සැමරීම වෙනුවෙන් රටම සූදානම් වි සිටිති.
මේවනවිට අනුරාධපුර නගරය වෙත නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කිරීමට විශාල පිරිසක් පැමිණ ඇතිබව අප වාර්තාකරුවන් පවසයි.