විශ්වවිද්‍යාල පද්ධතියට වාර්ශිකව තවත් සිසුන් 12000 ක්.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට වාර්ෂිකව ඇතුළත් කරගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 12,000කින් වැඩි කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම්දී ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

මහනුවර ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේබව ප්‍රකාශ කළේය.

මේ වනවිට විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගනු ලබන්නේ සිසු සිසුවියන් 31000 ක පමණ පිරිසක් පමණක් බවත් ජනපති යෝජනාවත් සමඟ එය 43000 දක්වා ඉහළ යනු ඇති බවත් පීරිස් මහතා ප්‍රකාශ කළේය.