වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (07) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද දින බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී 50 ක පමණ තද සුළං ඇති විය හැකිය.

දෘශ්‍ය ලෙස සුර්යයා දකුණට ගමන් කිරිමේ දී අගෝස්තු මස 28 වන දින සිට අද දින දක්වා ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී.

ඒ අනුව අද දහවල් 12.08ට ගිංතොට, ගල්වෙලවත්ත, ගල්ලෑල්ල, අතුරලිය සහ කහඳමෝදර ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.