වැඩබලන සංවිධායකවරු හරහා මැතිවරණ ක්‍රියාවලිය සිදු කරනවා.දයාසිරි කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ මහා සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු ඉවත් කොට නව සංවිධායකවරු පත් කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

වැඩබලන ආසන සංවිධායකවරු හරහා ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සිදු කිරීමට බලාපොරොත්තු වන බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය