ව්‍යාජ ලිපිය ගැන රතන හිමිගෙන් ප්‍රකාශයක්

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීමෙන් ඉවත්වූ බව කියවෙන ලිපියක් මේවනවිට සමාජ මාධ්‍ය හරහා ශීඝ්‍ර වශයෙන් පැතිරී යයි.
රතන හිමියන්ගේ නම සහ අත්සන සහිත ලිපි ශීර්ශයක කරුණු රැසක් දක්වමින් පළ කොට ඇති මේ ලිපියෙහි සඳහන් පරිදි රාජපක්ෂ පවුලේ ඒකාධිපති පාලනය නිසා තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමෙන් වැලකී සිටින බව පෙන්වා දී තිබේ.
මෙම ලිපිය පිළිබඳ සත්‍ය කරුණු අනාවරණය කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තම ෆේස් බුක් පිටුව හරහා කරුණු දක්වා තිබේ.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම ලිපිය,අන්තර්ගතය සහ ලිපි ශීර්ෂය සම්පූර්ණ ව්‍යාජ එකක් බවයි.
උන්වහන්සේගේ මුද්‍රාව ඉංග්‍රීසියෙන් යොදා ව්‍යාජ අත්සනින් යුතුව මෙම ලිපිය සකසා ඇතිබව උන් වහන්සේ වැඩිදුරටත් පෙන්වාදෙයි.

මෙම ලිපි ශීර්ෂය තමන් වහන්සේ හෙළ උරුමයේ කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළ අවධියේ එනම් මීට වසර දහයකට පෙර භාවිතකළ ලිපි ශීර්ෂය බව උන් වහන්සේ කියා සිටී.

මෙම පිලිය සමාජ ගත කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් විශාල මුදලක් යොදවා ඇති බවද උන්වහන්සේ කියා සිටී.
සජිත් වැන්නකු මෙවැනි ව්‍යාජ ලේඛනයකට හසුවීමෙන් ඔහු පිළිබඳ සිතා ගත හැකි බව රතන හිමියන් ප්‍රකාශ කරයි.
තමන් තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එකව කටයුතු කරන බවත් රටේ බුද්ධිමත් ජනතාව මේ මොහොතේ හොඳ තීරණයක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බවත් උන් වහන්සේ පෙන්වා දෙයි.

එම ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙම link එකෙන් නැරඹිය හැකිය.

නින්දිත මඩ ප්‍රචාරයන්ට නොරැවටෙන්නමෙම පණිවිඩය හැකිතාක් බෙදාහරින්න

Posted by Ven. Athuraliye Rathana Thera on Wednesday, November 13, 2019