වන විනාශයන් අල්ලන්න ක්ෂණික මෙහෙයුම්

ආරච්චිකට්ටුව ආනවිළුන්දාව රැම්සා තෙත්බිම් රක්ෂිතයේ කඩොලාන ශාක විනාශ කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුව පොලීසිය විසින් ඊයේ (22) දින අත්අඩංගුවටගෙන ඇත.

සිදුකර තිබූ විනාශයේ වටිනාකම රුපියල් ලක්ෂයකට අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරුවන් අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වනාන්තර විනාශ කිරීම් සහ පරිසරය දූෂණය කිරීම් පිළිබඳව පොලීසිය විසින් ක්ෂණික වැටලීම් සිදුකිරීමට තීරණයකර ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
වන විනාශ  සම්බන්ධයෙන් පොලීසිය වෙත තොරතුරු සැපයීමට 1997 අංකය ඔස්සේ මහජනතාවට ද හැකි බව ද ඔහු සඳහන් කළේය