වතු කම්කරුවන්ගේ දෛනික වැටුප පිළිබඳ අගමැති විශේෂ සාකච්ඡාවක.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු වතු සේවක වෘත්තිය සමිති කිහිපයක් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ (17) පස්වරුවේ අරලියගහ මන්දීරයේ මෙම සාකච්ඡාව පැවැත්විණි.
වතු කම්කරුවන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් ඉදිරි සතියේ දී තවත් සාකච්ඡාවක් පැවැත්විමට නියමිත බව ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික එම්.රාමේෂ්වරන් මහතා සඳහන් කරයි.මෙම සාකච්ඡාව සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා ද එක්ව තිබේ.ලබන 25 වන දින මෙහි තවත් සාකච්ඡාවක් පැවැත් වීමට නියමිතය.