ලොරි රථ රියැදුරාට පහර දුන් පොලිස් නිළධාරියාගේ වැඩ තහනම්

මාර්ගයක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු විසින් පුද්ගලයකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල ඔස්සේ සංසරණය වෙයි.

පොලිස් නිලධාරියා අදාළ පුද්ගලයාට අතින් පහරදෙන අතර, එම පුද්ගලයා බිම ඇද වැටෙන අයුරු එම වීඩියෝවේ දැක්වේ.

පසුව බිම සිටින පුද්ගලයාගේ ඇඟ මතට පොලිස් නිලධාරියා එක්වරම උඩ පැන පයින් පහරක් එල්ල කරන ආකාරය සහ පරුෂ වචනයෙන් වැන වදින ආකාරය වීඩියෝවේ සඳහන් වේ.

අනතුරුව පොලිස් නිලධාරියා ද බිම ඇද වැටෙන අතර, එම ස්ථානයේ සිටි වෙනත් පුද්ගලයෙක් පොලිස් නිලධාරියා ව එම ස්ථානයෙන් වෙනතකට රැගෙන යන අයුරු එහි දැක්වේ
එම පහරදීමේ සිද්ධියට සම්බන්ධ මහරගම පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.