ලබන සඳුදා රජයේ සහ වෙළෙඳ නිවාඩු.

එළඹෙන සඳුදා (16) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගත් බව ඒ මහතා පවසයි.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ සඳුදා දිනය බැංකු ‍හා වෙළඳ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇති බවයි.