ලංකාවේ කොවිඩ් ආසාධිතයන් 200ඉක්මවයි.

කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු අද හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කො‍රෝනා ආසාදිතයින් ගණන 203 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම කොරෝනා ආසාදිතයින් සිව්දෙනාම බේරුවල ප්‍රදේශයෙන් පූනානි නිරෝධායන කඳවුරට යැවු පිරිසට අයත් වුවන් බව වාර්තා වෙයි.

පූනානි නිරෝධායන කඳවුරේ නිරෝධායනය වන 208 දෙනෙකුගේ සාම්පල ලබා ගෙන ඇති බවත් එක් ස්ථානයකින් මෙතෙක් ලබාගත් වැඩිම සාම්පල ප්‍රමාණය එය බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය

මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 55 ක් වන අතර 7 දෙනෙකු මරණයට පත් විය.

එසේම තවත් රෝගීන් 141 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිති.