රුවන්පුර අධිවේගී මාර්ගය යතාර්ථයක් කරනවා.සජිත් කියයි.

තම පාලනය යටතේ රුවන්පුර අධිවේගී මාර්ගය යථාර්තයක් බවට පත් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රත්නපුර නගරයේ පැවති ජන රැළියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේය.

එක්ව ඉදිරියට යන්න තේමා කරගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ(10) පස්වරුවේ රත්නපුර නගර මධ්‍යයේදී පැවැත්විය.