රාත්‍රි 8.00 ට නැවත ඇඳිරිනීතිය ඇරඹෙයි.

අවදානම් කලාප හැර සෙසු  ප්‍රදේශ වලට ලිහිල් කර ඇති ඇඳිරි නිතිය අද රාත්‍රි 8 සිට යළි ක්‍රියාත්මක වන අතර එය ලබන සඳුදා උදැසන 5 තෙක් බලපැවැත්වෙයි.

කොඩිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අවදානම් කලාප හැර දිස්ත්‍රික්ක 21ක් සඳහා අදත් උදෑසන 5ට ඇඳිරි නීතිය ලිහිල් කෙරුණි.

මෙලෙස ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය යළි රාත්‍රී 8ට පැනවෙන අතර එය අප්‍රේල් 27 සදුදා උදෑසන 5 තෙක් බලපැවැත්වෙයි.

ඒ අනුව හෙට සහ අනිද්දා දෙදින මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

කොළඹ,ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම තවදුරටත් සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

මේ අතර ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබදව සෞඛ්‍ය බලධාරීන් විසින් යම් නිර්ණායක ඉදිරිපත් කර තිබුණි.

එම නීති කඩ කරන පිරිස් වෙනුවෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවට පොලිස් මාධ්‍ය කොට්ඨාශය ජනතාවට දන්වා සිටී